|
|
|
අපේ
දහම් පාසල අද වන විට තව දුරටත් පුංච්
පාසලක් නොවේ. දැන් එහි ඉගෙනුම ලබන්නට
ලියාපදිංචි වූ දූ පුතුන් ගණන
360
කට
අධික වේ. සිය කැමැත්තෙන්ම ඉගැන්වීම
කරන ගුරුවරියන් ගණන 15 දෙනෙකි. සිය
බාල කාලයේ පාසලෙන් පන්සෙලන් මෙන්ම
පරිසරය තුලින් ඔවුන් තම ජීවිත වලට එක්
කරගත් සියලු සාරධර්මන්ද ගුණ නුවනද
ඩුබායි ඇතුලු උතුරු එමීරයන්හි වසන
අපේම දූ පුතුන්ගේ ජීවිත වලට කාන්දූ
කරවනු වස් ඔවුන් දරන්නේ අප්‍රමාණ
වෙහෙසකි. එහෙත් තමන්ගේ ජාතියට තමන්
අතින් ඉටුවිය යුතු ඒ යුතුකම ඔවුන් ඉටු
කරන්නේ අප්‍රමාණ භක්තියකිනි. |
|
|
|
දහම්
පාසලේ මුලින්ම ලියාපදිංචි වීමට
නොඉවසිල්ලෙන් සිටින දරු දැරියන් සමග
දහම් පාසල ආරම්භයේ අප සමග සිටි මාමලා
නැන්දලා කිහිප දෙනෙක්. |
| |
|
|
| |
|
දහම් පාසලේ ප්‍රථම දින
සැමරුම් ආවර්ඡනය මෙලෙස ඔබ
හමුවේ තබමු |
|
|
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ උතුරු
එමීරයේ වසන සිංහල දූ දරුවන් වෙනුවෙන්
සිංහල භාෂාව ශ්‍රී ලාංකික උරුමය සහ
බුද්ධාගම ඉගැන්වීමේ අවශ්‍යතාව කලක
පටන් කාගේත් සිත් තුල පැලපදියම් වු
කාරනාවක්ව පැවතින. කරුණු කාරනා එසේ
වුවත් එම අවශ්‍යතා යටපත් කරගෙන සිටි
බොහෝ දෙමාපියන් වැලි කතරට දිය බිදක්
සේ දහම් පාසලක ආරම්භය පිළිබදව එම සුභ
ආරංචිය කන වැටින. ක්‍රමක්‍රමයෙන්
වැඩිවූ සිසුන් සංඛ්‍යාව කෙසේවත්
කොන්සෝල් ජෙනරාල් කාර්යාලයට ඔරොත්තු
නොදෙන තත්වයකට පැමිණි හෙයින් වෙනත් නව
ගොඩනැගිල්ලක අවශ්‍යතාව මතුවිය. අද දින
ඇති ගොඩනැගිල්ල බිහිවූයේ එම
අවශ්‍යතාව මතිනි. මෙම ගොඩනැගිල්ල
තැනීමට අවශ්‍ය මූල්‍ය ධනය සොයා ගැනීමට
දෙමාපියන්ගෙන් සමන්විත කමිටුවක් පත්
කරන ලදී. |
|
එම කමිටුවේ සාමාජිකයින් - අනුර හේරත්,
සරත් දෙවසුරේන්ද්‍ර, සුනිමල් ජයසූරිය,
සුසන්ත කල්දේරා සහ වසන්ත සේනාරත්න. |
| |
|
කොම්ටි සාමාජිකයින් සහ ව්‍යාපෘති
කොමිටි සාමාජිකයින් දිවා රාත්‍රියේ
වෙහෙස නොබලා මුදල් රැස් කිරීමේ
කාර්යයේ නියලුන අතර සිසු සිසුවියන් ද
කාඩ් පත් වල කොටු පුරවමින් දායක විය.
ගරු කොන්සල් ජෙනරාල් සෝමසිරි
මැතිතුමාද මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ
කටයුතු වලට දායක වෙම්න් ශ්‍රී ලංකා
විදේශ කටයුතු අමාත්‍යාංශයෙන්ද මුදලක්
ලබා දෙන ලදී.
ඩුබායි හි ගොඩනැගිලි ඉදිකකිරීම්
සමාගමක් වන අල් බදර් සමාගම
ගොඩනැගිල්ල ඉතාමත්ම සහනදායී මුදලකට
ඉදි කර දුනි.
ඒ සමගම වෙනත් ගොඩනැගිලි සමාගමක්
ඉදිරිපත් වී නව දහම් පාසල් ගොඩනැගිල්ල
තුල අලංකාර බුදු මැදුරක් ඉදිකර දෙන
ලදී.
ගරු කොන්සල් ජෙනරාල් සෝමසිරි
මැතිතුමාගේ සහ එම මැතිනියගේ
ප්‍රධානත්වයෙන් හෙළ සිරිතට අනුව කිරි
ඉතිරවීමෙන් නව ගොඩනැගිල්ල විවෘත කරන
ලදී. මෙය අප ලැබූ විශාලතම
ජයග්‍රහණයයි.
කොන්සල් ජෙනරාල් තුමාගේ පූර්ණ
සහයෝගයත් ඔබ සැමගේ නොමසුරු ආධාරයත්
අපගේ ධෛර්යයත් දම්වැලක පුරුකක් සේ එකට
එක්වු හෙයින් එම සතුට සියල්ලන් සමග
එකට එක්ව විද ගැනීමට අප සමත්වීමු.
පාසල් සිසු දරු දැරියන්ගේත්, ගුරු
මණ්ඩලයේත්, දෙමාපියන්ගේත්
උපකාරය මත එම නිදහස් භූමියේම අප දැයේ
55 වන නිදහස් උළෙල උත්සවාකාරයෙන්
පැවැත්වීමු. |
| |
|
|
| |
අභිමානවත් ජාතියක
අනාගත අංකුර මෙලෙස
සැදී පැහැදී සිටින්නේ
සිය බලාපොරොත්තුව වූ
දහම් පාසල සදහා
ගොඩනැගූ නව
ගොඩනැගිල්ල විවෘත වන
තෙක්ය.
දහම් පාසලේ ආරම්භයට
උරදී විශාල මෙහෙවරක්
කල ලලිත් කරුණාරත්න
මහතා විසින් පිළියෙල
කරන ලද සුභ මොහොතින්
ඩුබායිහි ශ්‍රී ලංකා
ජනරාල් කාර්යාලයේදී
අපගේ සිහින සැබෑ විය.
දහම් පාසලේ ආරම්භයට
විශාල වශයෙන් උදවු වූ
ගරු අශෝක ගොඩවිට
මැතිතුමාද සිහිපත්
කරන‍්නේ හද පිරි
සතුටිනි. |
|
|
|
|
දහම් පාසල ආරම්භ කල පළමු
දිනයේදී ම සිසු සිසුවියන් 99
දෙනෙකු ලියාපදිංචි වීම ඩුබායි
සහ උතුරු එමීර රාජ්‍ය වල වසන
සිංහලයන්ගේ බලාපොරොත්තුවේ
පිපාසය මොනවට ඔප්පු වීමක්
නොවේද? |
|
|
|
|
| |
නව දහම් පාසල්
ගොඩනැගිල්ල විවෘත කරන
දිනයේ එවකට ගරු
කොන්සල් ජෙනරාල්
පදවියේ සිටි සෝමසිරි
මැතිතුමා සිය බිරිදද
සමගින් දහම් පාසල
සදහා ගොඩනැගූ
ගොඩනැගිල්ලේ විවෘත
කිරීමේ අවස්ථාව
සංකේතවත් කිරීම සදහා
සහභාගී වෙමින්.
දහම් පාසලේ
සිසු සිසුවියන්
දෙදෙනෙකු අත්න් සිංහල
චාරීත්‍රානුකූලව
බුලත් අත් පිරිනමා
පිලිගත් අයුරු. |
|
|
|
|
දහම් පාසෙල් ආරම්භයේ පටන්ම
අපේ උරුමය සහ සිංහල භාෂාව යන
විෂය ඉගැන්වූ අතර පසු කලක
බුද්ධාගම විෂයයක් වශයෙන් සිසු
පරපුර පෝෂණය කිරීම ආරම්භ
කරනලදී. |
|
|
|
|
|
|
 |
 |
|
දහම් පාසෙල් ගොඩනැගිල්ලේ
මුල් අවධියේ අපේ දරු දැරියන්
ඉගෙන ගත්තේ බිම පැදුරු
දමාගෙනය.
|
|
|
|
ගරු කොන්සල් ජෙනරාල්
තැන්පත් සෝමසිරි මැතිතුමා හම
මැතිනිය සමග ඩුබායි හි
ෆ්‍රයිකෝ ආයතනයේ අධිපති
ගාමිණී කන්නන්ගර මහතා. |
|
|
|
|
|
 |
 |
|
ගරු කොන්සල් ජෙනරාල්
තැන්පත් සෝමසිරි මැතිතුමාගේ
බිරිද අතින් සුභ මොහොතට දහම්
පාසලේ නව ගොඩනැගිල්ලේ ආරම්භය
සනිටුහන් කරනු වස් සිංහල
චාරිත්‍රානුකූලව කිරි උතුරවන
ලදී. |
|
|
|
එම අවස්ථාවේ සතුට ඉත
සිතින් ෙබදාගත්
ආචාර්ය මණ්ඩලයේ
ගුරු මහත්මියක් උතුරා
හැලෙන කිරි අභියස
දනින් වැටී මේ
ප්‍රාර්ථනා කරන්නේ අප
මාතෘ භූමියේ
අභිවෘද්ධිය නොවේද?
|
|
|
|
|
|
|
|
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ උතුරු
එමීරයේ වසන මුලු මහත් සිංහල ජාතියේම
වාසනාවට ආරම්භ කල දහම් පාලලේ මුල්
අවධියේ දූ දරුවන් අකුරු ඉගෙන ගත්තේ
ඩුබායි කොන්සල් ජෙනරාල් කාර්යාලයේ
රැස්වීම් ශාලාවේ. ආලින්දයේ සහ
මුලුතැන්ගෙයි බිම පැදුරු එලාගෙන බව
මතක් කරනුයේ හද පිරි සතුටිනි. එදා
පංති 4කින් ආරම්භ කල දහම් පාසල අද
පංති 9කි දක්වා වර්ධනය වීම මෙන්ව අද
වන විට ලියාපදිචි දරු දැරියන්
සංඛ්‍යාව 360 ඉක්මවා තිබීම එහි සීඝ්‍ර
වර්ධනය පිලිඔදව සාක්ෂි දරයි! |
|
ඩුබායි හි කොන්සල් ජෙනරාල් පී. ඩී.
ප්‍රනානදු මහතාගේ පූර්ණ සහයෝගය අද වන
විට දහම් පාසලට ලැබී තිබීම ශ්‍රී
ලංකික දරු දැරියන්ගේ ඉගෙනීමට විශාල
ආශිර්වාදයක් වී ඇත. |
|
දහම් පාසල පිලිඹද ඔබගේ අදහස් අප සමග කියන්න |
|
|